Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා චංචල සහ නිශ්චල දේපළ අධිකරණ නියෝගයකින් තොරව අත්පත් කර ගැනීමේ බලය සහිත අධිකාරියක් පිහිටුවීම සඳහා කඩිනමින් නීති සම්මත කිරීමට රජය අපේක්ෂා කරයි.
අපරාධ පිළිබඳ පුළුල් ක්‍රියාදාම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබන සතියේ කැබිනට් අනුමැතිය ඉල්ලා සිටින බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත.
නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් දේපළ මිලදී ගෙන ඇති බව තහවුරු වූ පසු අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව දේපළ අත්පත් කර ගැනීමට යෝජිත අධිකාරියට බලතල ඇති බව ඇමැති රාජපක්ෂ සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, අධිකාරිය විසින් ගනු ලබන තීරණවලට අභියෝග කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇත.
ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් උපයාගත් බවට විශ්වාස කෙරෙන දේපළ අත්පත් කර ගැනීමට පොලිසිය විසින් මෑතක දී ගත් උත්සාහයන් හමුවේ නව පනත් කෙටුම්පත ගෙන ඇත.
ඒ අතුරින් සමහර නිවාස, වාණිජ ගොඩනැගිලි සහ වාහන අධිකරණ නියෝග අනුව අයිතිකරුවන්ට ආපසු ලබාදීමට සිදුවිය.
එවැනි දේපළ අත්පත් කරගැනීමේ යාන්ත්‍රණයක් නොමැති බවත්, අඩුපාඩු මඟහරවා ගැනීමට නව නීති මාස කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු බවත් ඇමැති රාජපක්ෂ පවසා ඇත.
අධිකාරියට පවරා ඇති අධිකරණ නියෝග යටතේ පවරා ගන්නා දේපළ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද අධිකාරිය වගකිව යුතු බවත්, එම දේපළ රාජ්‍ය කටයුතු සඳහා භාවිත කළ යුතුද නැතහොත් වෙන්දේසි කළ යුතුද යන්න තීරණය කරන බවත් ඔහු අන්දහන් කරයි.
අධිකාරියට දේපළ වෙන්දේසි කිරීමට, අරමුදල් භාණ්ඩාගාරයේ තැන්පත් කිරීමට හෝ එවැනි දේපල රාජ්‍ය අරමුණු සඳහා භාවිත කිරීමට හැකි වනු ඇත.
හෝටල් හෝ මහල් නිවාස වැනි ගොඩනැඟිලි කුලියට දීමටත් ඉපැයීම් භාණ්ඩාගාරයේ තැන්පත් කිරීමටත් එය බලගැන්වේ.
අධිකාරිය පිහිටුවීමේ පරමාර්ථය වනුයේ අයථා ලෙස උපයාගත් මුදල්වලින් පුද්ගලයන් දේපළ අත්පත් කර ගැනීම අධෛර්යමත් කිරීම සහ එම දේපළ නීත්‍යානුකූලව හා කඩිනම් ලෙස අත්පත් කර ගැනීමට ප්‍රතිපාදන සැලසීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart