April 9, 2024

ලෝක නෙට්බෝල් සංවිධානය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා නෙට්බෝල් තරඟ සඳහාක්‍රීඩා කිරීම තහනම් කර තිබේ.

එම සංගමය විසින් සහභාගීත්වය පිළිබඳ නව ප්‍රතිපත්තිය නිකුත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පනවා තිබේ.

ලෝක නෙට්බෝල් සංවිධානය පැවසුවේ දීර්ඝ උපදේශන ක්‍රියාවලියකින් පසුව අන්තර්ජාතික කාන්තා දැල්පන්දු “ස්ත්‍රී පුරුෂ සමාජභාවයට බලපාන ක්‍රියාකාරකමක්” බව තීරණය කළ බවයි.

“සාධාරණත්වය සහ ආරක්ෂාව” සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්තියක් අවශ්‍ය වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව “ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොසළකා උපතේදී කාන්තාවක් ලෙස සටහන් වූ” ක්‍රීඩිකාවන්ට හෝ ලෝක දැල්පන්දු සංවිධානය වෙත කිසිම අවස්ථාවක ටෙස්ටොස්ටෙරෝන්වල ජීව විද්‍යාත්මක බලපෑම් අත්විඳ නොමැති බව පෙන්නුම් කිරීමට අපොහොසත් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික මට්ටමේ කාන්තා දැල්පන්දු ක්‍රීඩාව තහනම් වේ.

ලෝක නෙට්බෝල් සංවිධානය පැවසුවේ ජාතික පාලන ආයතනවලට ඔවුන්ගේ සහභාගීත්ව නීති වෙනත් සාධක මත පදනම් කිරීමට තීරණය කළහොත් මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට හෝ නොයෙදීමට හැකි බවයි.

අනෙකුත් ක්‍රීඩාවල සමාන පියවරයන් අනුගමනය කරන අන්තර්ජාතික ප්‍රතිපත්තිය ලෝක නෙට්බෝල් සංවිධානය විසින් ද වාර්ෂිකව සමාලෝචනය කරනු ලැබේ.

2022 ජූනි මාසයේදී, පිහිනුම් ලෝක පාලන ආයතනය වන ෆිනා, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලියේ කිසියම් කොටසක් හරහා ගොස් ඇත්නම්, ඔවුන් කාන්තා ඉසව්වලට තරඟ කිරීම නැවැත්වීමට ඡන්දය ප්‍රකාශ කළේය.

රග්බි පාපන්දු ලීගය සහ රග්බි පාපන්දු සංගමය ද සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ඔවුන්ගේ කාන්තා ක්‍රීඩාවල පමණක් තරඟ කිරීම තහනම් කළේය.

ලෝක මලල ක්‍රීඩා විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික ඉසව්වල කාන්තා කාණ්ඩයෙන් තරඟ කිරීම තහනම් කරන ලද අතර, ලෝක පාපැදි පාලන අධිකාරිය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් කාන්තා ඉසව් සඳහා තරඟ කිරීම වළක්වන බව සඳහන් කර තිබේ.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ටද අන්තර්ජාතික කාන්තා තරග සඳහා ක්‍රීඩා කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ද තහනම් කර ඇත.