Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ පළමු භාගයේ දී පමණක් ශ්‍රී ලාංකිකයන් 147,000 කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා රට හැර ගොස් ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව මෙම වසරේ සෑම මාසයකදීම 24,000 කට අධික පිරිසක් රට හැරගොස් තිබේ.
2023 වසරේ පළමු අර්ධය සඳහා වූ මහ බැංකුවේ සේවක ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණ ප්‍රකාශනයට අනුව ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 146,885 ක් විදේශ රැකියා සඳහා රට හැර ගොස් ඇති අතර, එහි මාසික සාමාන්‍ය 24,481 ක් වේ.
මෙලෙස විදේශගතව ඇති පිරිසෙන් 76.5% ක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
2023 පළමු අර්ධය තුළ සමස්ත ශ්‍රමිකයන් මෙරටට ඒවා ඇති ප්‍රේෂණ ඩොලර් මිලියන 2,822.6 ක් වන අතර, ඉහළම ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 315.3 ක් කුවේටයෙන් වාර්තා වී ඇති අතර කටාර් රාජ්‍යය ඩොලර් මිලියන 295.2ක් ඒවා දෙවන ස්ථානයට පත්ව ඇත.
මෙලෙස පිටව ගිය මුළු සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන්, පිරිමි සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වැඩිම ප්‍රතිශතය (20%) අවුරුදු 30-34 වයස් කාණ්ඩයේ පසුවන අතර, බොහෝ කාන්තා ශ්‍රමිකයෝ (20%) අවුරුදු 40- 44 වයස් කාණ්ඩට අයත් වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart