January 12, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් නයන වාසලතිලක අද කතානායකවරයා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර, එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා, සජබ ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි නයන වාසලතිලක නිල වශයෙන් මැතිවරණ කොමිසම විසින් නම්කරනු ලැබීමෙන් අනතුරුව මෙම දිව්රුම්දීම සිදුවිය.

42.31%
17.27%
32.76%