42.31%
17.27%
32.76%
September 26, 2024

ජාතික ජන බලවේගයේ ආධාරකරුවකුට සැප්තැම්බර් 21 වැනිදා සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය සංවිධායක සසංක සම්පත් සංජීව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර ඇත.

නාවලපිටිය රෝහලට අනුයුක්තව සේවය කරන හෙදියකට පහරදුන් බවට සසංක සම්පත් සංජීවට චෝදනා එල්ල වී තිබිණි.

සමගි ජන බලවේගයේ සංවිධායකවරයා විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ජාතික ජන බලවේගයේ ආධාරකරුවකුට තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් ද ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

42.31%
17.27%
32.76%