42.31%
17.27%
32.76%
November 23, 2023

නාවික හමුදාව විසින් ඊයේ (22) කල්පිටිය, ඉප්පන්තිව් දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමක දී ජලයේ ගසාගෙන ගිය බීඩි කොළ කිලෝග්‍රෑම් 477 පමණ ගොඩගැනීමට හැකිව ඇත.

ඒ අනුව, මෙම මෙහෙයුමේදී ජලයේ පාවෙමින් තිබූ සැකකටයුතු ගෝනි 14ක් නාවික හමුදාව ගොඩගෙන තිබේ.

නාවික හමුදාව එම ප්‍රදේශයේ රැඳී සිටීම හේතුවෙන් ඒවා ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් එම තොගය අතහැර දමන්නට ඇති බවට සැකකෙරේ.

සොයාගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදාව භාරයේ තබා ඇත.

42.31%
17.27%
32.76%