Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී සංක්‍රමණිකයන් මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි සීරුවෙන් තබා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කුමන්ත්‍රණයක් පවතින බවට තොරතුරු ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම වාර්තා පළවිය.
පසුගිය දිනක රෝහින්ග්‍යා සරණාගතයන් 100කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, ඉදිරි දින කිහිපය තුළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් දහස් ගණනක් මෙරටට රැගෙන ඒමේ සැලසුමක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව ඔහු පැවැසීය.
The Daily Morning කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ, නීතිවිරෝධී සංක්‍රමණිකයන් මෙරටට ඇතුළුවීම විවිධ ප්‍රශ්න සහ අනවශ්‍ය සමාජ ගැටලු ඇති කරන බවයි.
“නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීමේ හැකියාව ගැන බුද්ධි අංශ අපට අනතුරු දන්වා තිබෙනවා. එහෙම වුණොත් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. එවැනි සිද්ධීන් වැළැක්වීමට නාවික හමුදාව සීරුවෙන් ඉන්නවා.” යනුවෙන් ඔහු පවසා තිබේ.
රොහින්ග්‍යා සරණාගත ප්රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, “අපි දැනට හඳුනාගෙන තිබෙන්නේ එය මිනිස් ජාවාරමක් ලෙසයි. කවුරුන් හෝ ප්රචාරක ව්‍යාපාර ගෙන ගොස් වෙනත් රටකට මිනිසුන් ගෙන්වා ගන්නේ නම් එය මිනිස් ජාවාරමක්. කිසියම් පාර්ශවයක සහයෝගයක් නැතිව එවැන්නක් ලංකාව තුළ සිදුවන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්. මේ සඳහා ශ්‍රී ලංකාවේ යම්කිසි පාර්ශ්වයක සහයෝගය ලැබෙනවා ද යන්න පිළිබඳව අපි දැනට විමර්ශනය කරමින් සිටිනවා.” යනුවෙනි.
ඉකුත් දෙසැම්බර් මාසයේදී, රෝහින්ග්‍යා සරණාගතයන් 100 කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරය දෙසට ලගා වී තිබිණි.
එම සරණාගතයන් දැනට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින අතර රජය විසින් ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සපයයි.
ඔවුන්ව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී එම සරණාගතයින් පවසා තිබුණේ තමන් සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
එම සරණාගතයින් මේ වනවිට මධ්‍යස්ථාන කිහිපයක රඳවා සිටිනවා.
ඇතැම් දේශපාලනඥයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රජයෙන් ඉල්ලා සිටින්නේ එම සරණාගතයින් පිටුවහල් නොකරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart