![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Anura-Parinda-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වංචා සහගත මුදල් අවභාවිතාවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත සිදුකරන ලද පරික්ෂණ අනුව, පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රාතබා ඇත.
විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස පිංකැටවලට මුද්‍රාතැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම සිද්ධස්ථානයේ කලක සිට කෝටි ගණනින් මුදල් අවභාවිතවන බවත්,එසේම දේවාලයට පුජා කෙරෙන රන් ආභරණ ආදිය අනිසි ලෙස විකුණා දමමින් මුදල් වංචා කරන බවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටටම පැමිණිලි ලැබි ඇත.
ඒ අනුව කරන ලද මුලික විමර්ශනවලදි එවන් වංචා ගැන තොරතුරු ලැබි ඇති හෙයින් මෙම පියවර ගත් බව දැනගන්නට ඇත.
පසුගිය කාලයේ වාහන සේල් හිමියකුට රුපියල් කෝටි 10ක් පොළියට දුන් බවට චෝදනා එල්ලවුයේද මෙම විහාරයේ ප්‍රධාන භික්ෂුවකටය.
මෙම ස්ථානයේ සිදුවන වංචා සහගත ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය විසින් විහාර දේවාලගම් ආඥා පනතේ 15(1),15(2)15(3),15(4) යන වගන්ති යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිත පැමිණිල්ලක්ද සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart