Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“හිමාලයා” ප්‍රකාශයේ ඇතුළත් ප්රගතිශීලී කරුණු ප්‍රවර්ධනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ සමුළු මාලාවක් සංවිධානය කර ඇති බව පූජ්‍ය කළුපහන පියරතන හිමියෝ පැවසූහ.
“හිමාලයා” ප්‍රකාශය සකස්කර ඇත්තේ එක්සත් රාජධානිය පදනම් කරගත් ගෝලීය ද්‍රවිඩ සංසදයේ මූලිකත්වයෙන් බහුත්වවාදී රටක් වෙනුවෙන් පෙනී සිටින එම සංසදයේ නියෝජිතයන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් විසිනි.
පූජ්‍ය කළුපහන පියරතන හිමියන් ද ඊට සම්බන්ධ වී සිටින භික්ෂූන් වහන්සේ නමකි.
උන්වහන්සේ පැවසුවේ “හිමාලයා” ප්‍රකාශය පිළිබඳ රට පුරා සමුළු මාලාවක් සංවිධානය කර ඇති අතර එහි පළමු සමුළුව ඊයේ (11) කුරුණෑගලදී පැවැත්වුණු බවයි.
“මෙම සමුළු මාලාව ආරම්භ වූයේ ප්‍රථම වරට ඊයේ (11) කුරුණෑගලදී පළමු සමුළුව පැවැත්වීමත් සමඟයි. මෙම වැඩසටහන හරහා සර්වාගමික නායකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් දිස්ත්‍රික්ක 25 තුළම පැවැත්වෙන වැඩසටහන්වල ප්‍රධාන සම්පත් දායකයන් බවට පත්වනු ඇති. ඉදිරි මාස කිහිපය තුළ මහනුවර, මඩකලපුව සහ මාතර සම්බන්ධීකාරකවරුන් 150ක් පමණ මෙම වැඩසටහන හරහා පුහුණු කෙරෙනවා. ඉන් අනතුරුව ජාතික සමුළුව ආරම්භ කරනවා.” යැයි උන්වහන්සේ පැවසීය.
ගෝලීය ද්‍රවිඩ සංසදයේ දූත පිරිසක් සහ ස්වාමීන් වහන්සේ පිරිසක් සියම් නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල මහ නාහිමිවරුන් සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා බැහැදැක මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
ඔවුන් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද මුණගැසී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය දිනක සඳහන් කර තිබුණේ මෙම ප්‍රකාශය ගෝලීය ද්‍රවිඩ සංසදය සහ බහුත්වවාදී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින ඉහත කී බෞද්ධ නියෝජිත පිරිස අතර සහයෝගී ප්රයත්නයක් ලෙස සළකන බවයි.
මෙම ප්‍රකාශය මගින් ජාතියේ ඓතිහාසික වැරදි පියවරයන් ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කරන අතරම, වගවීම සහතික කරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart