Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික අක්ෂි බැංකුව විසින් අක්ෂි පටල (කුනීත) සැපයීමේදී දේශීය ඉල්ලුම සඳහා සිදුකර ඇති සැපයීමට සාපේක්ෂව විදේශීය රටවල ඉල්ලුම සැපයීමට අක්ෂි බැංකුවේ වැඩි අවධානයක් යොමුකර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉකුත් වසර තුන තුළදී (2020-2022) විදේශීය රටවලින් අක්ෂි පටල සඳහා කර ඇති ඉල්ලුමෙන් සියයට 83 සිට සියයට 94 දක්වා වූ පරාසයක ප්‍රමාණයක් සපයා තිබේ.
2022 වර්ෂයේ දී රජයේ රෝහල් විසින් අක්ෂි පටල සඳහා කර තිබූ ඉල්ලුමෙන් සපයා තිබුණේ සියයට 59ක් වන අතර, පෞද්ගලික රෝහල් සඳහා කර තිබූ ඉල්ලුමෙන් සියයට 55ක් සපයා ඇත.
එහෙත් විදේශීය රටවල් විසින් අක්ෂි පටල සඳහා කර ඇති ඉල්ලුමෙන් සියයට 94ක් සපයා තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ.
අක්ෂි පටල (කුනීත) සැපැයීමේදී දේශීය අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව කරණු ලැබු විගණනයේ දී මෙම තොරතුරු අනාවරණය වි තිබේ.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ කළමණාකාරීත්වය විසින් මේ පිළිබද විගණනයට සදහන් කොට ඇත්තේ, ජාතික අක්ෂි බැංකුව සිමිත සේවක සංඛ්‍යාවක් සමගින් කටයුතු කරණු ලබන බවත්, ජාතික අක්ෂි බැංකුවේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ දේශිය කුනීත අවශ්‍යතාවය සැපයීම සදහා බවත් ය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart