February 8, 2024

කෘෂිකාර්මික අංශය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය මඟින් ආරම්භ කළ මුරුංගා බීජ ව්‍යාපෘතිය සඳහා මුරුංගා බීජ ලෙස දේශීය ප්‍රභවයන් වෙනුවට විදේශීය ප්‍රභවයන් යොදාගැනීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළ රුපියල් මිලියන 28.4ක මුදල අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති වර්තාවක සඳහන් වේ.

මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 32කි.

ප්‍රතිලාභීන් 100 දෙනකුගෙන් සමන්විත මුරුංගා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 28.4ක මුදලක් වැය කොට ඇති බවද විගණනය මඟින් අනාවරණය කර තිබේ.

අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හැකි වන පරිදි ව්‍යාපෘති කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු බවට විගණනය මඟින් නිර්දේශකොට ඇත.

මෙම ව්‍යාපෘතියේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ කොවිඩ් වසංගතය, ගොවීන්ගේ ආකල්ප, ආර්ථික පරිසරය, හේතුවෙන් ඇති වූ දුර්වලතා නිසා වැල්ලවායේ මුරුංගා වගාව අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බවය.

ගොවීන් ක්‍රම ක්‍රමයෙන් අනිකුත් අන්තර්යභෝග සමඟ මුරුංගා වගාවේ නිරතවෙමින් සිටින බවද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

කෘෂිකාර්මික අංශය නවීකරණය සඳහා වු ව්‍යාපෘතිය අදියර 02 සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබේ.(මව්බිම)

42.31%
17.27%
32.76%