Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැතිවරුන්ගේ නිල නිවාස 11ක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර, ගාල්ල නගර සභාවේ නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් වසර 19ක සිට ගෙවා නොතිබූ රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද කොළඹ නගර සභාවේ ජල සැපයුමට අදාළ රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක්ද 2022 වර්ෂය අවසන් වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
වෙළෙඳ සහ අනෙකුත් ණයහිමියන්ගේ රුපියල් කෝටි 118ක ණය ශේෂයක් 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට පියවීමකින් තොරව පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.
එමෙන්ම මණ්ඩලයේ සියයට අනූවකට වැඩි සේවක පිරිසක් රුපියල් එක් කෝටි හැත්තෑ පන්ලක්ෂයක ණය සහ අත්තිකාරම් මුදලක් අයකර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමට ඉඩසලසා තිබූ බව පවසන විගණන වාර්තාව, මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වාහන තුනක් ද සහ හිටපු උපසභාපතිවරයා වාහන දෙකක් ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ලබාගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.
මෙයට අමතරව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150ට අමතරව රුපියල් 60,000ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව එහි දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart