Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් ඇමැතිවරයාව සිටි කාල සීමාවේදී ඔහුට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථ දෙක ඇමැති ධූරය අහිමි වීමෙන් පසුව ආපසු භාර නොදී සිය පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර නසීර් අහමඩ්ගේ ඇමැති ධුරය මෙන්ම මන්ත්‍රී ධුරය ද අහිමි වූ අතර එතැන් සිට ඔහුට ලබා දී තිබූ මෙම ජීප් රථ ආපසු භාර නොදී තමන් සන්නතකයේ තබා ගැනීම බරපතළ වරදක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරයාව සිටි කාල සීමාවේදී නසීර් අහමඩ්ට පරිසර අමාත්‍යාංශය මගින් අංක CAS – 9010 සහ CAO 4118 අංක දරන අති සුඛෝපභෝගී ජීප් රථ දෙක පාවිච්චියට ලබා දී තිබිණි.
ඇමැති ධූරය අහිමිවීමෙන් පසු ජීප් රථ දෙක නැවත භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ඉකුත් 07 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ද කර ඇත.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පරිසර අමාත්‍යාංශය මගින් හිටපු ඇමැති නසීර් අහමඩ් දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු කියා ඇත්තේ අදාළ වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවයි.
එහෙත් තවමත් වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී නැත.
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තම අමාත්‍යාංශය මගින් නිකුත් කළ වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දිය නොහැකි බවයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart