December 27, 2024

නාසා ආයතනයට අයත් සූර්‍යය ගවේෂණ යානයක් සූර්යයාට මෙතෙක් වෙනත් යානයක් ළඟා නොවූ සමීපතම ස්ථානයකට ලඟා වෙමින් ඉතිහාසගත වී තිබේ.

එලෙස සූර්‍ය්‍යාට ලගා වී වාර්තා අතරට එක්ව ඇත්තේ නාසා ආයතනයේ පාකර් සූර්යය ගවේෂණ යානයයි.

නාසා ආයතනය පැවසුවේ, එය සූර්ය පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8 ක් (කිලෝමීටර් මිලියන 6.1 ක්) ආසන්න වීමෙන් පසුව ද ආරක්ෂිත සහ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

සූර්යයා ක්‍රියාකරන ආකාරය පිළිබඳ වඩා හොඳින් අවබෝධ කරගැනීමේ ගවේෂණයක යෙදී සිටින යානය, දැඩි උෂ්ණත්වයන් සහ අධික විකිරණ විඳදරා ගනිමින් නත්තල් සැන්දෑවේ හිරුගේ පිටත වායුගෝලය ආසන්නයට ළඟාවූ බව නාසා ආයතනය පවසයි.

දින කිහිපයක් සන්නිවේදනයෙන් ඉවත්ව තිබූ බැවින් සූර්යයාගේ දැවෙන උණුසුම හමුවේ යානය විනාශ වූයේ ද සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයින් සැක මතුකර තිබුණි.

නාසා ආයතනයේ වෙබ් අඩවියට අනුව පැයට සැතපුම් 430,000 දක්වා වේගයෙන් ගමන් කරන අභ්‍යවකාශ යානය 1,800F (980C) දක්වා උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් සකසා තිබේ.

“සූර්‍යයාගේ මෙම සමීප අධ්‍යයනය පාකර් යානයට මිනුම් ලබා ගැනීමට ඉඩ සලසයි. මෙම කලාපයේ ද්‍රව්‍ය අංශක මිලියන ගණනකට රත් වන ආකාරය, සූර්ය සුළඟේ මූලාරම්භය (සූර්‍යයාගෙන් ගැලවී යන ද්‍රව්‍යයේ අඛණ්ඩ ප්‍රවාහයක්) පිළිබඳ සහ ශක්තිජනක අංශු ආලෝක වේගයට ආසන්නව වේගවත් වන ආකාරය සොයාගැනීමට විද්‍යාඥයින්ට වඩා හොඳින් උපකාරී වේ” යනුවෙන් නාසා ආයතනය පවසයි.

42.31%
17.27%
32.76%