October 27, 2023

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව වන ‘ෂී යැන්ග් 6’ (Shi Yang 6) සමග පර්යේෂණ කටයුතුවලට සහභාගී වීම සදහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අවසර හිමි වී ඇති බව වාර්තා වේ.

නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් පවසා ඇත්තේ, පසුගිය බ්‍රහස්පතින්දා ඒ සදහා අවසර ලැබී ඇති බවයි.

ඒ සඳහා පර්යේෂණ කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ පිටත් කර හරින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය දේශගුණයට සාගර පද්ධතියේ බලපෑම” කෙබදුද යන්න පිළිබඳව මෙම පර්යේෂණ අධ්‍යයනය සිදුකරන බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.

කොළඹ වරායේ දී ‘ෂී යැන්ග් 6’ (Shi Yang 6) නෞකාව නැරඹිමට මෙම මස 27 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබී ඇති බව ද වැඩිදුරටත් වාර්තා සදහන් වේ

42.31%
17.27%
32.76%