September 6, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ හෙට (07) උදසන සිට ගෙයින් ගෙට යෑමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ‘නාමල් දැක්ම’ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වී තිබේ.

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ආසන 160, ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන සැප්තැම්බර් 07 වැනි දින උදෑසන සුබ මොහොතින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.