July 20, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නොමැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු සඳහන් කළේ තමාද පක්ෂයට එවැන්නක් දැනුම්දී නැති බවයි.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් නොවිකුණන අයකු බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%