Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටලු කඩිනමින් විසඳා ගනු ඇතැයි තමාට විශ්වාස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.
අද (07) අනුරාධපුරයේදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් සමඟ සමගි ජන බලවේගය සන්ධානගතවීම අභියෝගයක් නොවන බවයි.
“සන්ධාන දහයක් හැදුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ අය හැම තැනකම ඉන්න එක හොඳයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රාජපක්ෂ කියා සිටියේ පක්ෂය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු නම් කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් සමඟ සාකච්ඡා කර අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත්ය.
“අනිවාර්‍යෙන්ම ඔවුන් අපේක්ෂකයෙක් නම් කරයි. අපි තවම ඔවුන් කැඳෙව්වේ නැහැ. ඔවුන් සමඟ සාකච්ඡා කර අපි තීරණයක් ගන්නවා”
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තම පුත්‍රයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තවත් කාලය තිබෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart