December 31, 2024

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර තිබේ.

කොට්ටහච්චි මන්ත්‍රීවරිය වෙනුවෙන් පැමිණිල්ල ගොනුකළ නීතිඥ නාමල් රාජපක්ෂ ජනමාධ්‍ය වෙත කියාසිටියේ, මෙම අපවාදය පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු සිටින බවට අනාවරණය වී ඇති බවයි.

ජනමාධ්‍යවේදීන් කළ විමසීමකදී නීතීඥ රාජපක්ෂ කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයා මන්ත්‍රීවරියගේ කීර්තිනාමය ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් කටයුතු කරන බවයි.

එම ප්‍රකාශ අසත්‍ය බව යළිත් අවධාරණය කළ රාජපක්ෂ, කොට්ටහච්චි මන්ත්‍රීවරියක් කාන්තාවක්, බිරිඳක් සහ කුඩා දරුවන්ගේ මවක් බව සඳහන් කරමින්, දේශපාලඥයන්ගෙන් ගෞරවාන්විතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

එය දේශපාලන පළිගැනීම් සඳහා කරන ලද පෞද්ගලික ප්‍රහාරයක් බව සඳහන් කළ ඔහු, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද සඳහන් කළේය.

42.31%
17.27%
32.76%