October 27, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අතරතුර ඇතැම් දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර බෙදීම් එළිපිටම එළියට පැමිණෙමින් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එවැනි ප්‍රශ්නවලට මුහුණ දී සිටී.

සිකුරාදා සවස පූඩළුඔය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමකදී මෙම අභ්‍යන්තර බෙදීම් ලැජ්ජාවට පත්වන ආකාරයෙන් යළිත් වරක් එළියට ආවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

කෙසේවෙතත්, පැමිණ සිටි සමහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්, විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු අමාත්‍ය සී.බී. රත්නායක පිළිබඳව එහි සිටි ඇතැම් පාක්ෂිකයෝ සිය අප්‍රසාදය පළකළහ.’
සී.බී.රත්නායක සභාව අමතන විට පැමිණ සිටි සමහරු ඔහුට බාධා කළහ. ඔහු වැනි හිටපු මන්ත්‍රීවරුන්ගේ ‘පොරොන්දු” නිසා තමන්ට ගම්වල ප්‍රසිද්ධියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට පවා නොහැකි බව විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.

බාධා මධ්‍යයේ වුවද සී.බී.රත්නායක දිගටම කියාසිටියේ තමන් කිසිවිටෙක පක්ෂ නායක මහින්ද රාජපක්ෂ අත්නොහැරිය බවත්, තමන් පක්ෂය මුදලට විකුණන්නට කටයුතු නොකළ බවත්ය.

දැන් පක්ෂය හැර ගොස් සිටින සමහර හිටපු මන්ත්‍රීවරුන් ගැන සඳහන් කරමින් “හොරු” නැවත පක්ෂයට ඇතුළත් කර නොගත යුතු බවද විරෝධතාකරුවෝ නාමල් රාජපක්ෂට පැවසූහ.

හිටපු ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේට පරුෂ වචනයෙන් ඇතැමුන් මෙහිදී බනිණුද දැකගත හැකි විය.

“නැහැ, අපි ඔවුන්ට නැවත ඇතුළට එන්න ඉඩදෙන්නෙ නැහැ. අපි දැන් ඕක ඔතනින් නවතිමු.” ලැජ්ජාවට පත් නාමල් රාජපක්ෂ මහතා කෑ ගසමින් සිටි අයට කීවේය.

42.31%
17.27%
32.76%