October 24, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති හෙතෙම එහිදී ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.” යැයි ඔහු එහිදී සඳහන් කළේය.

42.31%
17.27%
32.76%