February 25, 2025

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය නල්ලතන්නිය වාලමලේ ඉහළ ප‍්‍රදේශ රක්‍ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 4 බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදවා ඇත.

එම හෙළිකොප්ටර ගිනිනිවීම සඳහා විශේෂයෙන් භාවිත කරනු ලබන ‘බම්බි බකට්’ උපාංගය සමග යොදවා තිබේ.

අපදා කළමණාකරන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ පස්වරුවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් ගින්න ඇතිවු ස්ථානයට ආසන්නම ජලාශය වන මාඋස්සාකැළේ ජලාශයෙන් බමිබි බකටි අධාරයෙන් අවස්ථා 10 ක දි ජලය රුගෙන ගින්න ඇතිවූ ස්ථානයට සාර්ථකව හෙළීම සිදුකර ඇත.