53.84%
19.85%
20.11%
August 18, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද (18) උදෑසන කතරගම ආශ්‍රිත පුදබිම් වෙත ගොස් ආශිර්වාද ලබා ගෙන තිබේ.

තිස්සමහරාම රජමහා විහාරස්ථානයට පැමිණි නාමල් රාජපක්ෂ ආගමික කටයුතුවලින් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලගා ගත්තේය.

එම අවස්ථාවට හිටපු කථානායක චමල් රාජපක්ෂ ද සහභාගි වී තිබිණි.

එහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකළේ තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමියන්ය.

අනතුරුව මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කරමින් නාමල් රාජපක්ෂට ආශිර්වාද කර තිබිණි.

මේ අතර මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයකු ලෙස තමන්ට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ මහනුවරදී ප්‍රකශ කර තිබිණි.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුගමනය කළ ආගම දහමට සංස්කෘතියට මුල් තැන දීමේ ක්‍රියාපිළිවෙල තවදුරටත් අනුගමනය කරන බව කී නාමල් රාජපක්ෂ ඇතමුන් එය දේශපාලනීකරණයක් ලෙස හැඳින්විය හැකි බවද සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් සමග මහනුවර දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

53.84%
19.85%
20.11%