Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
SpaceX සහ Tesla යන ආයතනවල ප්‍රකෝටිපති ප්‍රධානියා වන එලෝන් මස්ක් විසින් සොයා ගන්නා ලද ස්ටාර්ලින්ක්(Starlink) චන්ද්‍රිකා පද්ධතියට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව සිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා (TRC) පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක යෙදීසිටින බව වාර්තා වේ.
විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව රට තුළ චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවා සැපයීම සඳහා ස්ටාර්ලින්ක් වෙනුවෙන් රජය දැනටමත් මූලික අනුමැතිය ලබා දී ඇත.
මීට මාස දෙකකට පෙර ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මස්ක් හමුවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ TRC නීතියට අනුව විදුලි සංදේශ සේවා ක්‍රියාත්මක කිරීම සඳහා තෙවැනි පාර්ශවයකට බලපත්‍රයක් ලබාදීමට ප්‍රතිපාදන නොමැත.
අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව සංශෝධනයෙන් යටිතල පහසුකම් සේවා බලපත්‍රය, විදුලි සංදේශ සේවා බලපත්‍රය සහ කේබල් ගොඩබෑමේ ස්ථාන බලපත්‍රය හඳුන්වා දෙන බව රාජ්‍ය තාක්ෂණ ඇමැති කනක හේරත් පවසයි.
“Starlink එන්නේ විදුලි සංදේශ සේවා බලපත්‍රය යටතේ,” ඔහු සඳුදා (08) කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවැසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඇතැම් වගන්ති ඉවත් කර නව සංශෝධනය පිළිබඳ ගැටළු දැනටමත් විසඳා ඇති බව ඔහු සඳහන් කළේය.
“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් හතරක් තිබුණා. ඒ නිසා අපි දැන් හැම දෙයක්ම නිවැරදිව සිදුකර තියෙනවා, ඒක පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා අවස්ථාවටත් ගියා.“ඒ අනුව අපි සියලු සංශෝධන කරලා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”” නව සංශෝධනයෙන් පැන නගින ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විමසූ විට කනක හේරත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart