![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/ripe-1-320x320.png)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලෙයිමන්නාරම, ඌර්මානෙයි ගම්මානයේ 10 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී පළාගිය සැකකරු යළි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසයි.
තලෙයිමන්නාරම, ඌර්මානෙයි ගම්මානයේදී 10 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර තිබුණේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී පළාගිය මෙම පුද්ගලයා ඊයේ (15) ත්‍රිකුණාමලය, කුචවේලි ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තලෙයිමන්නාරම පොලිසියට භාරදී තිබේ.
තලෙයිමන්නාරම පොලිසිය විසින් අද (16) උදෑසන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණය සඳහා ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළේය.
පරීක්‍ෂණ පැවැත්වූ මන්නාරම මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart