January 30, 2024

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

අද කොළඹ පැවති සජබ විරෝධතාවයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රහ්මාන් අසනීප වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.

ජීවන වියදම ඉහළ යෑම සම්බන්ධයෙන් රජයට එරෙහිව සජබ අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.

කොළඹ මහජන පුස්තකාලය අසලදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

42.31%
17.27%
32.76%