June 30, 2024

‘සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහ’ පිළිබඳ 70 වැනි සංවත්සරයට සමගාමීව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් සිදුව තිබේ.

බීජිං නුවරදී ඊයේ එම සාකච්ඡා පැවැත්වී ඇත.

ඔවුන්ගේ සාකච්ඡාවලදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සහ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කළ බව වාර්තා වේ.

X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව තම පැරණි මිතුරකු වන ෂී ජින්පින් හමුවීමට ලැබීම ගැන සතුටට පත් වූ අතර සාමකාමී සහ සහයෝගී ලෝකයක් ගොඩනැගීමට රටවල් එක්ව උත්සාහ කළ යුතු බවය

චීන විදේශ ඇමැති වැන්ග් යීගේ ආරාධනයකට අනුව දින හතරක නිල සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ බීජිං නුවර බලා ගිය අතර එහි රැඳී සිටින අතරතුර ඔහු චීනයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

පැරිස් සමාජය, ඉන්දියාව සමඟ එක්ව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇතිකර ගත් ගිවිසුමකට සමගාමීව චීනයද පසුගිය සතියේ එකඟතාවකට පැමිණියේය.

42.31%
17.27%
32.76%