
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය එහි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 50 බැගින් ලබාදී ඇතැයි ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබිණි.
පසුගිය කාලයේ පැවැති ආණ්ඩු සිදු කළේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට තම ආසනවල තමන් කැමති සංවර්ධන ව්‍යාපෘති කිරීමට මුදල් වෙන් කිරීමයි.
කෙසේවෙතත්, පසුගිය වසර පහක කාලය තුළ එවැනි ප්‍රතිපාදන සිදුවී නොමැති අතර, ඒ වෙනුවට එම කාලය තුළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා එම කාර්යයන් සඳහාම මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.
වත්මන් ආණ්ඩුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය හඳුන්වා දුන් අලුත් නිර්ණායකයකට අනුව මුදල් පුණ්‍ය කටයුතු සඳහා නොව රැකියා උත්පාදන කටයුතු සඳහා යෙදවීමට වගබලා ගැනීම සඳහායි.
එවැනි ප්‍රතිපාදන ලැබූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතර ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන සහ J. C. අලවතුවල සිටියි.
එහෙත් මෙම මන්ත්‍රීවරුන් රජයෙන් මුදල් ලබා ගැනීමට පක්ෂ නායකත්වයෙන් අනුමැතිය ලබාගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරපවසා ඇත්තේ, එම කිසිදු මන්ත්‍රීවරයකු ඒ සඳහා පක්ෂ අනුමැතිය ලබා නොගත් බවයි.
“අපි මීළඟ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ කාරණය මතු කරනවා,” ඔහු පැවසීය.
කෙසේවෙතත් රුපියල් මිලියන 50ක් ලබාගත් මන්ත්‍රීවරයෙක් පවසා ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම ප්‍රතිලාභය හිමිවන බවත්, එබැවින් ජනතා කේන්ද්‍රීය වැඩකටයුතු සිදුකිරීමට මුල්‍ය ප්‍රතිපාදන ඉල්ලා තමන් ඉල්ලුම් කළ බවයි.
“මේ වගේ වැඩ කරන එකේ වරදක් නෑ. විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිලාභ ලැබීමට අපට අයිතියක් තිබෙනවා. පක්ෂ ධූරාවලිය සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවක් මා දකින්නේ නැහැ,” එම මන්ත්‍රීවරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart