March 28, 2024

පාර්ලිමේන්තු ප්‍රිමියර් ලීග් (PPL) ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 29 ) පැවැත්වේ.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවට අනුයුක්ත කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වනු ඇත.

තරගාවලියට සම්බන්ධ කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළ ඇති දෙපාර්තමේන්තුවලින් සමන්විත වේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහභාගි වීමට නියමිතය.