December 4, 2023

වර්ෂ 2022 අවසන් වන විට පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ නිවාස සඳහා ලබාදී ඇති විදුලි සැපයුම් සම්බන්ධතා 74කට අදාළ රුපියල් මිලියන 16ක හිඟ මුදලක් ආපසු අයකරගෙන නොමැත.

2022 වාර්ෂික විගණකාධිපති වාර්තාව මගින් සිදුකරන ලද අහඹු විමර්ශනයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.

අදාළ වාර්තාවට අනුව, එයින් සම්බන්ධතා 29කට අදාළ රුපියල් මිලියන 05ක මුදලක් වසර හයකට වැඩි කාලයක් නොගෙවා පැහැරහැර තිබේ.

මේ අතර, සම්බන්ධතා 30කට අදාළව තවත් රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් අයකර නොගෙන ඉතිරිව ඇත.

42.31%
17.27%
32.76%