
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ ඥාති සොහොයුරා පෙබරවාරි 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු මාරවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඊයේ වෙන්නප්පුව ප්‍රදේශයේ දී මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් තිබිණි.
පොලිස් වාර්තාවලට අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටියදී අදාළ මෝටර් රථය කොස්වත්ත හල්දඩුවන ප්‍රදේශයේදී අනතුරට ලක්විය.
මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, මන්ත්‍රීවරයාගේ වාහනය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්විය.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පදවා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරකු බව පසුව අනාවරණ විය.
සිද්ධියෙන් පසු සැකකරු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart