Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ ඇයගේ හය හැවිරිදි පුත්රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලිසිය පවසයි.
බෙන්තොට වෙරළේ ඊයේ (31) රාත්රියේ පැවති මල්වෙඩි සංදර්ශන නැරඹීම සඳහා පවුලේ අය සමග පැමිණ ආපසු නිවෙස වෙත යමින් සිටි බෙන්තොට ඉහළ මාලවල පදිංචි මෙම මව සහ පුත්රයා අනාරක්ෂිත තැනකින් දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යෑමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලද හය හැවිරිදි දරුවාගේ වම් අතේ වැලමිටට පහළින් වෙන්වී තිබූ කොටස සුරක්ෂිතව බෙන්තොට රෝහලට බාරදුන් බව පොලීසිය පැවසීය.
මූලික ප්රතිකාර ලබා දීමෙන් පසු මව හා පුත්රයා කළුතර නාගොඩ රෝහලට මාරුකළ බව බෙන්තොට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart