February 7, 2024

6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා පාසල් දරුවන් බහුතරයක් ප්‍රචණ්ඩ වී ඇතැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසයි.

සමාජ මාධ්‍ය සහ චිත්‍රපටිවලින් ප්‍රදර්ශනය වන ගහමරා ගැනීම්, වෙඩි තැබීම්, පළිගැනීම් වැනි දර්ශන නැරඹීම සහ වීඩියෝ ක්‍රීඩා මෙලෙස දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීමට බලපා ඇතැයි ද ‘දිවයින පුවත්පත’ට අදහස් දක්වමින් වෛද්‍යවරයා පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මෙසේ ද පවසයි.

”වර්තමානයේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිසු දරුවන් දෙමාපියන් කියන කිසිදෙයක් අහන්නේ නැති මට්ටමට ඇවිත්. ඔවුන් ඒ තරමටම ආවේගශීලීව හැසිරෙනවා. ඔවුන් ප්‍රචණ්ඩයි. ඒ නිසා දරුවන්ට ජංගම දුරකථන දෙන්න එපා. ඒවායෙන් ඔවුන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වෙඩි තැබීම්, මිනීමැරුම්, පහරදීම්, පළිගැනීම් බලනවා. රූපවාහිනියේ ප්‍රචාරය වන චිත්‍රපටි බලනවා. ජංගම දුරකථනය දරුවට දෙනව නම් ඔවුන් මොනවද කරන්නේ කියලා අධීක්‍ෂණය කරන්න. ඒ වගේම වීඩියෝ ක්‍රීඩා කරන්න දෙන්න එපා. මේ දේවල් නිසා දරුවෝ ප්‍රචණ්ඩවෙලා. කියන දේවල් අහන්නෙම නැහැ. දරුවන් ගැන නිතර අවධානයෙන් සිටීම දෙමාපියන්ගේ වගකීමක්.”

42.31%
17.27%
32.76%