
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු කොරියාව දේශීයව නිෂ්පාදනය කරන විශාලතම යුද නෞකාව ඉදිකරමින් සිටින බව අමෙරිකානු දත්ත උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
චන්ද්‍රිකා දත්ත උපයෝගි කර ගනිමින් අමෙරිකාව පවසන්නේ, උතුරු කොරියාව එලෙස නිපදවන්නේ නවතම මිසයිල නෞකාවක් බවයි.
අමෙරිකාවේ උපාය මාර්ගික සහ අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ, චන්ද්‍රිකා ඡායාරූප මගින් උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ ඉදිවෙමින් පවතින එම නෞකාව පෙන්නුම් කරන බවයි.
බොහෝදුරට කාකි පැහැති දැල්වලින් ආවරණය කර ඇති නෞකාව මීටර් 140 (අඩි 459) පමණ දිග යැයි ගණන් බලා ඇත.
මෙම කරුණු තහවුරු වුවහොත් එය උතුරු කොරියාව මෙතෙක් නිපදවූ විශාලතම යුද නෞකාව වන බව පැවැසේ.
විශ්ලේෂකයන් පවසන පරිදි, චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ, නෞකාවේ ආයුධ සහ අනෙකුත් අභ්‍යන්තර පද්ධති අඛණ්ඩව ඉදිවෙමින් පවතින බවයි.
එය ගොඩබිම සහ මුහුදේ ඉලක්කවලට එරෙහිව භාවිත කිරීම සඳහා සිරස් දියත් කිරීමේ නළවල මිසයිල රැගෙන යෑමට සැලසුම් කර ඇති මාර්ගෝපදේශ-මිසයිල නෞකාවක් විය හැකි බවට ද අමෙරිකාව සැක පළකරයි.
මාර්ගෝපදේශ මිසයිල යාත්‍රා යනු ගුවන් ආරක්ෂක, නැව් නාශක සහ සබ්මැරීන් විරෝධී මෙහෙයුම් සඳහා සන්නද්ධ බහුකාර්ය යුධ නැව් වේ.
අමෙරිකානු විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ, මෙම නෞකාව ඉකුත් මාර්තු මස මුලදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පරීක්ෂා කරන ලද නෞකාව වියහැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart