December 16, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම පරිපාලන තනතුරු 100කට වැඩි ගණනක පුරප්පාඩු පුරවා නැති අතර එම තනතුරුවලට වැඩබලන නිලධාරීන් පත්කර ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තනතුරු සම්පූර්ණ කිරීම සඳහා අවසන් වරට සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ, 2015 වර්ශයේදීවන අතර ඉන් පසුව එම තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නැතැයිද වාර්තා වේ.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ තනතුරුවලින් සියයට 50ක්ම වැඩබලන නිලධාරීන් සිටින අතර, රෝහල් ගණනාවකම අධ්‍යක්ෂවරුන් කටයුතු කරන්නේ වැඩබලන පදනමින් වීම විශේෂත්වයකි.

වෛද්‍ය සැපැයීමේ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ තනතුරු දෙකටත් පත්කර ඇත්තේ, වැඩබලන නිලධාරීන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

මීට අමතරව මහනුවර, කළුබෝවිල, කරාපිටිය, කොළඹ ද සොයිසා, කාසල්, හම්බන්තොට, අනුරාධපුරය සහ කළුතර ඇතුළු රෝහල් ගණනලම කටයුතු කරන්නේ වැඩබලන අධ්‍යක්ෂවරුන් වීම විශේෂත්වයකි.

මීට අමතරව වෛද්‍ය රසායනාගාර විද්‍යා, ඖෂධවේදී, විකිරණ විද්‍යා තාක්ෂණවේදී අංශවල අධිකාරී තනතුරුවල නිලධාරීන් ද තවම වැඩබලන පදනමින් කටයුතු කරන බවද ඔහු පවසයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%