October 14, 2024

මහනුවර – අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකකටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) සවස සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔක්තෝබර් මස 12 වැනි දින පල්ලෙකැලේ නට්ටාරම්පොත ප්‍රදේශයේ හෝටලයකදී චීන ජාතිකයන් 126 දෙනෙකු, වියට්නාම ජාතිකයන් දෙදෙනෙකු, තායිලන්ත ජාතිකයකු සහ පිලිපීන ජාතිකයකු ඇතුළු විදේශීය ජාතිකයන් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනිවත්ත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ නට්ටාරම්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර සබඳතාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

මීට අමතරව වැලිකඩ පොලිස් වසමට අයත් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ද සැකකටයුතු ලෙස රැඳී සිටි චීන ජාතිකයන් 11 දෙනෙකු සහ චීන කාන්තාවන් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදුකරන බවයි.

42.31%
17.27%
32.76%