July 26, 2024

ශ්‍රී ලංකාවේ පොල් ගෙඩි මිලියන 200ක් පමණ රිලවුන් සහ දඬුලේනුන් විසින් විනාශ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

“මේ වගාවන් සතුන් කන එක නැවැත්තුවොත් අපිට මොකුත් කරන්න අවශ්‍ය නැහැ. වසරකට අවම වශයෙන් පොල් ගෙඩි මිලියන 200ක් රිලවුන් සහ දඬුලේනුන් විසින් විනාශ කරනවා,” මහින්ද අමරවීර සඳහන් කරයි.

“අපිට රිලව් ලක්ෂයක් පිටරට යවන්න අවස්ථාව තිබුණත් යම් යම් කණ්ඩායම් ඉදිරිපත් වුණා, තාමත් ඉදිරිපත් වෙනවා, මේ සත්ත්ව අයිතිවාසිකම් කණ්ඩායම් උසාවි ගිහින් ඒව වැඩේ නතර කළා. නමුත් මේ පාඩුව දරන්නේ ඔවුන් නොව ගොවි ජනතාව සහ රටේ සමස්ත ප්‍රජාවයි” ඇමැති මහින්ද අමරවීර පෙන්වාදෙයි.

වන සතුන් අපනයනය කිරීම ශ්‍රී ලංකාව විසින් තහනම් කර ඇත.

එහෙත් රජය මේ වසර මුලදී රිලවුන්, මොණරුන් සහ වල්ඌරන් ඇතුළු විශේෂ කිහිපයක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කරන ලද අතර අතිරික්ත වගා හානිය නිසා ගොවීන්ට ඔවුන් මරාදැමීමට ඉඩ සලසා ඇත.