42.31%
17.27%
32.76%
August 23, 2024

සිය රටින් පළමුවරට මාරාන්තික Mpox වෛරස ආසාදිතයකු හඳුනාගත් බව තායිලන්තය නිවේදනය කර තිබේ.

තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුවට අනුව එලෙස ආසාදිතයකු ලෙස තහවුරු වී ඇත්තේ 66 හැවිරිදි යුරෝපීය ජාතිකයෙකි.

ඔහු අගෝස්තු 14 වනදා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත පැමිණ ඇති නමුත් එම අප්‍රිකානු රට කුමක් ද යන්න තායිලන්තය හෙළි කර නැත.

බැංකොක් වෙත පැමිණ ඊට පසුදින ඔහු රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රෝහලක් වෙත ගොස් තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ එම රෝගියාට Mpox රෝගයට වැළඳී ඇති බවයි.

පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් පළමු වරට Mpox ආසාදිතයින් වාර්තා වූ අතර ඉන් පසුව එය අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත වූ අතර මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු පමණ එම වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත.

එතැන් සිට එම වෛරසය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළුව ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වී ඇත.

42.31%
17.27%
32.76%