February 25, 2025

ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් මාස නවයක සිර දඬුවමක් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට කොළඹ මහාධිකරණය ඇප ලබා දී තිබේ.

භික්ෂුවගේ නීතිඥයන් විසින් ගොනුකරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් අනුව මෙම තීරණය ගෙන ඇත.

2016 දී කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් පැවරුණු මෙම නඩුවේ අභියාචනය විභාග වෙමින් පවතී.