April 11, 2024

මෙවර පැරිසියේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී වසර 128ක ඔලිම්පික් සම්ප්‍රදාය බිඳදමමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ පවසන්නේ මේ අනුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී රන් පදක්කම් දිනන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් පිරිනැමීමට සූදානම් බවයි.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ඉසව් 48 සඳහාම මෙම ත්‍යාග මුදල ලබාදීමට සුදානම් බවත් එමගින් පිළිබිඹු කිරීමට අපේක්ෂා කරන්නේ ලෝකය වෙනස් වී ඇති බව සහ ක්‍රීඩාව විසින් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවට වැඩි යමක් ලබාදීම බවත් සෙබස්තියන් කෝ පවසයි.

කෙසේවෙතත්, මෙම තීරණය සමබන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දැනුවත්භාවයක් නොමැති බව වාර්තා වේ.

ඊට හේතුව මේ දක්වා ඔලිම්පික් ක්‍රීඩා සඳහා සහභාගී වීම හෝ පදක්කමක් දිනා ගැනීම වෙනුවෙන් ඔවුන් මුදල් ප්‍රදානය නොකිරීම සහ ක්‍රීඩා උලෙළට තරඟ කිරීමම ප්‍රමාණවත් ත්‍යාගයක් ලෙස ඔවුන් විශ්වාස කිරීමයි.

මෙම තීරණය මගින් ඔලිම්පික්හි මුලික අඩිතාලම උල්ලංඝනය නොවනු ඇතැයි යන්න කෝගේ අදහස වී තිබේ.

ඒ අනුව 1896 මෙම ක්‍රීඩා උලෙළ ආරම්භ කිරීමෙන් පසු ක්‍රීඩා පාලක මණ්ඩලයකින් සහතික කළ මුදල් ත්‍යාගයක් සමඟ රන් පදක්කමක් ස්වයංක්‍රීයව ලබාදෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

කෙසේවෙතත් අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් මෙම තීරණය ගැනීමට පෙර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් සමඟ සාකච්ඡා නොකළ බව කෝ පිළිගෙන තිබේ.

එහෙත් ඔහුගේ ප්‍රධාන විධායක ජොන් රිඩ්ජන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමග කෙටි කතාබහක යෙදුණු බව ඔහු පවසයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ලබාදීම සඳහා ඩොලර් මිලියන 2.4ක් වනවෙනු ඇති අතර ඒ සඳහා යොදාගනු ලබන්නේ සෑම වසර හතරකට වරක්ම ලෝක මලල ක්‍රීඩා සම්මේලනයට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන මුදල් බවත් කෝ පවසයි.

2017 සහ 2021 අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඔලිම්පික් ක්‍රීඩාවලින් ඩොලර් බිලියන 7.6ක ආදායමක් උපයා තිබේ.

කෙසේවෙතත් ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ එම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් දැඩි ප්‍රකාශයක් කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කියා සිටියේ තමන් උපයන මුදල් සියල්ලම පාහේ ක්‍රීඩාවට යළි පොම්ප කරන බවයි.

මේ අතර ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට ද ලෝක මලල ක්‍රීඩා සම්මේලය පොරොන්දු වී තිබේ.