Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිරමිඩ ජවාරම් නිසා රටේ මුදල් රුපියල් බිලියන 3.5 ක් පමණ මෙරටින් පිටට ගොස් ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වනු ලැබීය.
නීතිපතිවරයා මේ බව අධිකරණයට දන්වා සිටියේ ඔන්මැක්ස් ඩීටී මූල්‍ය සමාගමට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ය.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා වැඩිදුරටත් කියාසිටියේ මෙම නඩුවේ සැකකරුවන් ද ඔන්මැක්ස් ඩීටී මුල්‍ය සමාගම පවත්වාගෙන යන සමයේදී ඕස්ට්‍රේලියාව ඇතුලු වෙනත් රටවල මුදල් ආයෝජනය කර ඇති බවයි.
ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර ඉදිරියේ අධිකරණයට කරුණු වාර්තා කරන බවද එහිදී දන්වා සිටියේය.
එමෙන්ම රජයේ අධිනීතිඥවරයා සඳහන් කළේ, මෙවැනිම තවත් ආයතන දෙකක් පිළිබඳව තොරතුරු සෙයාගෙන ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කිරිමට අවශ්‍ය බවයි.
එහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, එම ආයතන දෙක පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම මෙම නඩුවට සම්බන්ධ සැකකරුවන් එම ආයතන වලට සම්බන්ධ වී ඇත්දැයි සොයන ලෙසද නියෝග කළේ ය.
එහිදි විනිසුරුවරයා වැඩිදුරටත් විවෘත අධිකරණයේදී සඳහන් කළේ, එවැනි ආයතන තව දුරටත් ව්‍යාප්තවීමෙන් මෙවැනිම පිරිසක් තවදුරටත් අමාරුවේ වැටෙන බවයි.
සැකකරුවන්ට අයත් දේපල තක්සේරු කර තක්සේරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන තක්සේරුවරියට නියෝගයක් නිකුත් කළ අතර, සැකකරුවන් 2021 වසරේ සිට ආදයම්බදු ගෙවා ඇත්දැයි සොයාබලා ඒ පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දේශිය ආදයම් බදු කොමසාරිස්වරයාටද නියෝගයක් නිකුත් කෙරිණි.
ඉන්දික සම්පත්, ගයේශාන් අබේරත්න, සමිත් සඳරුවන්, ඉන්දික ජයසේකර හා ධනංජය ගයාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු අධිකරණය හමුවේ පෙනීසිටි අතර, මූල්‍ය වංචාවට හසුවූ තැන්පත්කරුවෝ විශාල පිරිසක් ද අධිකරණ භූමියේ හා ඉන් පිටත රැඳී සිටියහ.
ඒ අතර තැන්පත්කරුවෝ අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයකද නිරත වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart