July 12, 2023

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර ලබාදෙන බවත්, ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30 ක් යටතේ ක්‍රියාත්මක බවත්, ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් මෙන්ම 0113484520 දුරකථනයෙන්ද ලබාගත හැකි බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.