Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වරටත් බලයට පත්වීමට ඉඩ ඇති බව පැවති ඡන්ද විමසීමෙන් පෙනීගොස් තිබේ.
විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ විවිධ ප්‍රවෘත්ති ඒජන්සි විසින් නිකුත් කරන ලද අනාවැකි අතීතයේ බොහෝ විට වැරදී ගිය අතර ඒවා අපක්ෂපාතී නොවන බවයි.
කෙසේවෙතත්, ඔවුන් මහ මැතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂකයා ලෙස මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තබා ඇත.
භාරතීය ජනතා පක්ෂය, ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය සහ ප්‍රාදේශීය ප්‍රතිවාදීහු ඡන්ද විමසීමේ අදියර හතක් පුරා උග්‍ර ප්‍රචාරක ව්‍යාපාර සමගින් සටන් කළහ.
ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂයකට හෝ සන්ධානයකට පාර්ලිමේන්තුවේ ආසන 272ක් අවශ්‍ය වේ.
ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙම ඉලක්කය පසුකර යනු ඇත.
මෝදී ජයග්‍රහණය කළහොත් ඔහු ඉන්දියාවේ අගමැති ධුරයේ පිට පිට තුන්වරක් ධුරය දැරූ දෙවැනියා වනු ඇත.
මීට පෙර එම තත්ත්වයට පත්වුයේ ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු ය.
අගමැති මෝදි මෙම මැතිවරණයට පැමිණියේ ඉමහත් ජනප්‍රියත්වයක් ඇතිව නමුත් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි සහ විරුද්ධ පක්ෂ සන්ධානයක් දීර්ඝ මැතිවරණ ව්‍යාපාරය තුළින් සැළකිව යුතු ප්‍රබෝධයක් ලබා ගැනීමට සමත් විය.
දැන් ඡන්ද අදියර හයක එකතුව පුරෝකථනය කරන්නේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානය සඳහා විශාල ජයග්‍රහණයකි.
නමුත් එවැනි සමීක්ෂණ සැමවිටම විශ්වාසදායක නොවේ.
පුද්ගල සංඛ්‍යා වෙනස් වුවද, NDA සන්ධානයට ආසන 367ක් ලැබෙනු ඇතැයි ඔවුහු අනාවැකි පළ කරති.
කොංග්‍රසයට ආසන 143ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
භාරතීය ජනතා පක්ෂය ආසන 327ක් දිනාගත හැකි වුවත් ඔවුන්ගේ ආසන 370 ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවනු ඇති බවට මත පළවේ.
බිලියන 1.4ක ජනතාවක් සිටින ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට වන අතර රට පුරා මැතිවරණයක් පැවැත්වීම දුෂ්කර කාර්යයකට වඩා අඩු දෙයක් නොවේ.
ඒ අතරින් පුරවැසියන් මිලියන 969ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර එම ප්‍රමාණය එක්සත් ජනපදය, රුසියාව, ජපානය, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, ප්‍රංශය සහ බෙල්ජියම යන රටවල ජනගහනයට සමාන වේ.
මේ වන විට අවසන් වී ඇති මැතිවරණයේ ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනි දින ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart