March 31, 2024

මතභේදයට තුඩු දී තිබෙන දූපතක් වන කච්චතිව් හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් 1974 වසරේ දී ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය ආසන්න වී තිබිය දී කච්චතිව් දූපත පිළිබඳ විවාදය තමිල්නාඩු දේශපාලනයේ ප්‍රධාන තැනක් ගෙන තිබෙන අයුරු දැකගත හැකිය.

‘ඉන්දිරා ගාන්ධි විසින් දුපත ශ්‍රී ලංකාවට පවරා දුන් ආකාරය තොරතුරු දැනගැනීමේ පනතේ පිළිතුරෙන් පෙන්නුම් කරයි’ මැයෙන් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ වූ වාර්තාවක් උපුටා දක්වමින් අගමැති මෝදි X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් දක්වා තිබිණි.

“ඇස් විවර කරවනසුළුයි සහ විස්මය දනවයි! කොංග්‍රසය නිර්දය ලෙස කච්චතිව් දුන් ආකාරය නව කරුණු මගින් හෙළිවෙයි” යනුවෙන් අගමැතිවරයා සටහන් කර තිබේ.

“වසර 75ක් තිස්සේ කොංග්‍රසයේ ක්‍රියාකලාපය සහ ක්‍රමය වූයේ ඉන්දියාවේ සමගිය, අඛණ්ඩතාව සහ අවශ්‍යතා දුර්වල කිරීමයි” යනුවෙන් ද අගමැති නරේන්ද්‍ර මෝදි තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රධානියා වන කේ.අන්නාමලයි විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් හරහා ලබාගත් ලේඛනයට අනුව, 1974 දී ඉන්දිරා ගාන්ධි රජය පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දී තිබේ.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරුගේ ප්‍රකාශය ද වාර්තාව උපුටා දක්වා තිබිණි.

ශ්‍රී ලංකාව නිදහසින් පසු මෙම දිවයිනට සිය හිමිකම් පෑවේය.

ඉන්දීය නාවික හමුදාවට (එවක රාජකීය ඉන්දීය නාවික හමුදාවට) කච්චතිව්හි අවසරයකින් තොරව අභ්‍යාස කළ නොහැකි බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කර තිබිණි.

1961 මැයි 10 වැනි දින නේරු පැවසුවේ කච්චතිව් වෙනුවෙන් ඇති හිමිකම් අත්හැරීමට තමා පසුබට නොවන බවයි.

“මේ කුඩා දිවයින සියලුදෙනාටම වැදගත්කමක් දක්වන්නේ නැහැ. ඒ සඳහා අපගේ හිමිකම් අත්හැරීමට මට කිසිදු පැකිළීමක් නැහැ,” යනුවෙන් නේරු ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා උපුටා දක්වමින් සඳහන් කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් වයි.ඩී. ගුන්දේවියා නේරුගේ සටහන උපුටා දක්වා තිබිණි.

කෙසේවෙතත්, 1974 වන තෙක් කච්චතිව් දූපත පිළිබඳ තීරණය අවසන් කර නොතිබිණි.

1960 වසරේදී එවක නීතිපති එම්.සී. සෙටල්වාඩ් ද ප්‍රකාශ කළේ ගිනිකඳු පිපිරීම් හේතුවෙන් නිර්මාණය වූ මෙම දූපතට ඉන්දියාවේ ඇති ප්‍රබල හිමිකම නැගෙනහිර ඉන්දීය සමාගම විසින් රාම්නාද්හි රාජාට දූපත සහ අවට ධීවර සම්පත් සම්බන්ධයෙන් ලබා දුන් සමින්දාරි අයිතිවාසිකම් පිළිබඳ සඳහනකට අනුවපෙනී යන බවයි.

සමින්දාරි අයිතිවාසිකම් ක්‍රමය යනු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවේ ප්‍රචලිත වූ ඉඩම් හිමිකම් ක්‍රමයකි.

රාජා 1875 සිට 1948 දක්වා කච්චතිව් දූපතේ අයිතිය භුක්ති විඳි අතර සමින්දාරි ක්‍රමය අහෝසි කිරීමෙන් පසු දුපත මදුරාසි ප්‍රාන්තයට හිමිව තිබේ.

1968 දී ශ්‍රී ලංකාවේ අගමැති වූ සේනානායක විසින් ඔවුන්ගේ භූමි ප්‍රදේශය සිතියම්වලින් පෙන්වා ඇති අතර ඒ පිළිබඳ ඔහු සමඟ කතා කිරීම ගැන විපක්ෂය ඉන්දිරා රජයට දොස් පවරා තිබිණි.

මතභේදයට තුඩු දී ඇති දුපත සම්බන්ධයෙන් 1973 දී විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා කොළඹදී පැවැත්විණි.

වසරකට පසුව, ඉන්දියාවේ හිමිකම් අත්හැරීමේ තීරණය තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි වෙත ජුනි මාසයේදී දන්වන ලදී.

යාපනයේ දුපත, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය සිතියම් රාජධානියේ කොටසක් බවට ශ්‍රී ලංකාව වාර්තා පෙන්වා දී ඇති බව ඉන්දියාවේ එවක විදේශ ලේකම් කෙවාල් සිං අවධාරණය කළේය.

ඒ අනුව 1974 වසරේ දී, ඉන්දීය රජය ද්විපාර්ශ්වික ක්‍රියාවලියකින් කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට පවරාදෙන ලදී.

42.31%
17.27%
32.76%