Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1998 අංක 45 දරන පෞද්ගලික ආරක්‍ෂක නියෝජිතායතන නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් දැනට එහි විෂය පථය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ආරක්ෂක ආයතන පාලනය කරන බලපත්‍ර කොන්දේසි පිළිබඳ පුළුල් සමාලෝචනයක් සහ සංශෝධනයක් ආරම්භ කර ඇත.
මෙම නව රෙගුලාසි යටතේ දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති සියලුම පෞද්ගලික ආරක්ෂක ආයතන ඉදිරි වසර 02 ආවරණය වන පරිදි බලපත්‍ර දීර්ඝ කිරීම් සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
පවතින බලපත්‍රය කල් ඉකුත් වීමට අවම වශයෙන් මාස තුනකට (03) පෙර මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
වලංගු බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වීම බරපතල වරදක් ලෙස සළකන බවත්, 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක ආයතන නියාමනය කිරීමේ පනතේ දක්වා ඇති පරිදි මෙම අවශ්‍යතාවය කඩ කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු විය හැකි බවත් අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය සියලුම පෞද්ගලික ආරක්ෂක ආයතන ඔවුන්ගේ අඛණ්ඩ නීතිමය ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා මෙම බලපත්‍ර යාවත්කාලීනය කඩිනමින් පිළිපදින ලෙස දිරිමත් කරයි.
නව බලපත්‍ර කොන්දේසිවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට මෙන්ම වෙනත් නීතිමය ක්‍රියාමාර්ගවලටද හේතු විය හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart