Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 දෙසැම්බරයේ සිට අවසන් වූ විමර්ශන 6,000ක් පමණ අතරින්, 2000 වසරේ සිට අතුරුදන් වූ බවට වාර්තා වූ පුද්ගලයන් 16 දෙනකු සොයාගැනීමට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සමත් වී ඇත.
The Sunday Morning වෙත අදහස් දක්වමින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද ප්‍රකාශ කර ඇත්තේ, මෙම පුද්ගලයන් ජීවතුන් අතර සිටියද ඔවුන්ගේ අනන්‍යතාව හෝ වාසය කරන ස්ථාන හෙළිනොකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.
“අතුරුදන්වූවන් පිළිබඳ පනත යටතේ, ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම අපට තහනම් වේ,” ඔහු පැහැදිලි කර ඇත.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි 14,998 න් දළ වශයෙන් සිදුවීම් 6,000ක් පිළිබඳව පසුගිය වසර දෙක තුළ විමර්ශනය කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, 2000 වසරට පෙර අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ පැමිණිලි පිළිබඳව විමර්ශන ආරම්භ කිරීම සඳහා කාර්යාලය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.
සභාපතිවරයාට අනුව, 2018 දී පිහිටුවන ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, 2022 වන තෙක් සම්පූර්ණ කර තිබුණේ පැමිණිලි 67ක් පමණි.
එහෙත් පසුගිය වසර දෙක තුළ දළ වශයෙන් පැමිණිලි 6,000ක් විමර්ශනය කර සැළකිව යුතු ප්‍රගතියක් ලබා ඇති බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart