Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් දැරියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා ශාඛාවේ සහකාර අධ්‍යක්ෂ බී.ඩබ්ලිව්.ජී. දිල්හානි කළේ සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ අරමුණින් දුෂ්කර සහ දුර බැහැර ප්‍රදේශවල සිටින ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂක තුවා බෙදා හැරීමට නියමිත බවයි.
“මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. අපි තවමත් අනුමැතිය සඳහා බලා සිටිනවා,” යනුවෙන් ඇය පැවසුවාය.
සහකාර අධ්‍යක්ෂවරිය හෙළි කළේ මෙම මුලපිරීම සඳහා රජය දළ වශයෙන් රුපියල් බිලියන 1ක් වැයකරන බවයි.
මෙහිදී ලබාදෙන එක් වවුචරයක වටිනාකම රු. 1,200ක් වනු ඇත.
මෙම වැඩසටහන යටතේ දිවයින පුරා 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා පිරිනැමේ.
රට තුළ 6 ශ්‍රේණියට ඉහළ පාසල් සිසුන් මිලියන 2.4 ක් සිටින අතර, ඔවුන්ගෙන් අඩක් ගැහැණු ළමුන් වන අතර පළමු අදියර යටතේ ප්‍රධාන පාසල්වල හැර, ගැහැණු ළමුන් අවම වශයෙන් 100,000ක් ආවරණය කිරීමට මෙමගින් ඉලක්ක කරයි.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකිවන පරිදි වවුචර්පත් බෙදාදීමට දැනටමත් කටයුතු යොදා ඇත.
පාසල් සිසුවියන් අතර සනීපාරක්ෂක පිළිවෙත් වැඩිදියුණු කිරීම සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති අය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම මෙම වැඩසටහනේ අරමුණයි.
අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා ප්‍රකාශ කළේ මීට අදාළ පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
තවද, මෙම වැඩසටහනේ මූලික අරමුණ ආර්ථික වශයෙන් අවාසි සහගත පසුබිමක සිටින ගැහැණු ළමුන් සඳහා සහය ලබාදීම සහ එමඟින් පාසල් සිසුවියන් අතර සෞඛ්‍ය සම්පන්න පුරුදු දිරිගැන්වීම බව ඇමැති ප්‍රේමජයන්ත අවධාරණය කළේය.
දරිද්‍රතාවට මුහුණ දෙන පාසල් මෙන්ම දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් 800,000ක් පමණ මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබනු ඇත.
(The Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart