February 11, 2025

පානීය ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරන hydrated lime ටොන් 550 තොගය නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවේ නම් ඒවා රට තුළට මුදානොහරින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ, ජල පවිත්‍රාගාරවල භාවිත වන හානිකර රසායනික ද්‍රව්‍ය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මතුකළ කරුණුවලට පිළිතුරු දෙමිනි.

ඊට අදාළ පරීක්ෂණ අසාර්ථක වූ බැවින් භාණ්ඩ භාරගැනීමේ ලිපියක් නිකුත් කර නොමැති බව ද අමාත්‍යවරයා පවසයි.

කෙසේවෙතත් ඩී. වී. චානක මන්ත්‍රීවරයා චෝදනා කළේ, hydrated lime ටොන් 550ක් වූ නැව්ගත කිරීම ජල පවිත්‍රාගාර වෙත නිකුත් කළ බවටය.

ඒවායෙහි ක්‍රෝමියම් මිලිග්‍රෑම් 14 ක් ඇති බවත් එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නියම කර ඇති මිලිග්‍රෑම් 10 ප්‍රමිතිය ඉක්මවන බවත් ඔහු පැවැසීය.

ජලයේ ඇති ඉහළ මට්ටමේ ක්‍රෝමියම් හානිකර විය හැකි අතර ඒ හරහා වකුගඩු සහ අක්මා රෝග සහ පිළිකා වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිකළ හැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

ඔහු රජයෙන් ඉල්ලා සිටියේ නව නැව්ගත කිරීම සඳහා ප්‍රමිතීන් වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ඉල්ලීම් කර ඇති බැවින් කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් එය නැවැත්වීමට රජය මැදිහත් වන ලෙසයි.

කෙසේවෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර ඇත්තේ, ක්‍රෝමියම් මට්ටම්වල ප්‍රමිතීන් වෙනස්කරන ලෙස පසුගිය මැයි මාසයේදී ඉල්ලීමක් කළද එය වත්මන් තොග සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එය නැව්ගත කිරීමට පෙර සජලීකරණය කරන ලද නියැදි පරීක්ෂණයකින් පෙන්නුම් කර ඇත්තේ hydrated lime අවසර ලත් ක්‍රෝමියම් අන්තර්ගතය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව පවතින බවයි.

කෙසේවෙතත්, රට තුළට පැමිණීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලද විට, විවිධ රසායනාගාර හරහා ක්‍රෝමියම් මට්ටම් 11 mg/kg සිට 14 mg/kg දක්වා විවිධ ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ.

“පරීක්ෂණ අනුපිළිවෙලින්, එය විවිධ ස්ථාන හතරකින් සිදුකළා. ඒවා 11 mg සිට 14mg දක්වා පෙන්නුම් කළා. අපි අවසානයේ කොන්ත්‍රාත්කරු සමඟ නියැදිය පරීක්ෂා කරන විට ක්‍රෝමියම් මට්ටම මිලිග්‍රෑම් 11.3 ක් වුණා ”අමාත්‍යවරයා පවසයි.

ටෙන්ඩරය කැදවන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව ඒවායෙහි ප්‍රමිතිය කිලෝ එකකට මිලිග්‍රෑම් 10 ක් වූ බවද ඔහු සඳහන් කරයි.

එහෙත් පසුගිය වසරේ ශ්‍රී ලංක ප්‍රමිති ආයතනය විසින් ක්‍රෝමියම් මට්ටමේ ප්‍රමිතිය කිලෝවකට මිලිග්‍රෑම් 12 දක්වා ඉහළ නංවා තිබේ.

“කෙසේවෙතත්, මුලින් ටෙන්ඩරය නිකුත් කරන ලද්දේ 10 mg/kg ප්‍රමිතිය ක්‍රියාත්මක වූ විට බැවින්, නැව්ගත කිරීම තක්සේරු කරනු ලබන්නේ එම පෙර ප්‍රමිතිය මත පදනම්ව මිස සංශෝධිත ප්‍රමිතිය මත නෙවෙයි. එබැවින්, එය පරීක්ෂණ අසමත් වූ නිසා, එය කිසිදු පිරිසිදු කිරීම සඳහා භාවිතා කර තිබුණේ නැහැ. අපට තවමත් කොන්ත්‍රාත්කරුට තොග ආපසු ලබා දී අපගේ ප්‍රමිතීන්ට අනුකූල නව තොග ඉල්ලා සිටින්න පුළුවන්” අමාත්‍යවරයා පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%