Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉබ්බාගමුව මාධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනය විවෘත කිරීමට පැමිණි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඇතුළු දේශපාලකයන් පිරිසක් පාසලේ ගුරුවරුන් සිදින් විරෝධතාවක් පවත්වා ආපසු හරවා යවා ඇත.
පෙරේදා අධ්‍යාපන අමාත්යංශය ඉදිරිපිටදී පොලිසිය විසින් ගුරුවරුන්ට එල්ලකළ කඳුළු ගෑස් ප්‍රහාරය සහ තවත් කරුණු පදනම් කරගනිමින් පාසලේ ගුරුවරු මෙලෙස එහි පැමිණි දේශපාලකයන්ට විරෝධය පළකර තිබේ.
ඒ අනුව ඔවුන් විරෝධතා පාඨ සහිත පුවරු අතින්ගෙන පාසල ඉදිරිපිට විරෝධතාවයේ යෙදී තිබේ.
එහිදී පාසලේ එක් ගුරුවරයෙක් ගුරු මණ්ඩලය අමතමින් මෙසේ සඳහන් කරයි.
”ඇමැතිවරයෙක් එන හින්දා අද පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. දරුවන්ගේ කාලය කන්නේ අපි නෙවෙයි උන්. මේ රටේ ඇමැතිවරු.
2020 ආරම්භ කළ දැනට නාවික හමුදාවෙන් කරගෙන යන ක්‍රීඩාංගණයක් විවෘත කරන්න රෙදි ඇඳගෙන එනවා. ඊයේ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා ආණ්ඩුවේ ඇමැතිවරු බත්බැලයෝ. අද ඉස්කෝලේ ඇතුළට එන්න පටන් අරගෙන.
ඒ නිසා අපි ඉතා කරුණාවෙන් කියනවා පුළුවන් නම් එකෙක් හරි වරෙල්ලා අපි බලාගන්නම්. මේ ආණ්ඩුවේ කිසි එකෙක්ට ඉස්කෝලයක් ඇතුළට පස් පාගන්න දෙන්නේ නෑ. උන්ගේ බත්බැලයොන්ට අපි කියනවා පරිස්සම් වෙලා හිටපල්ලා.
මේ රටේ ක්‍රීඩකයෝ දහස් ගණන් ඉන්නවා. මමත් බිහිකළ ජාතික ක්‍රීඩකයෝ ඉන්නවා අන්තර්ජාතික තලයේ. එක රුපියලක් ගෙවන්නේ නෑ. අද දෙමව්පියන්ගේ සල්ලි වලින් ආදී ශිෂ්‍යන්ගේ සල්ලි වලින් අන්තර්ජාතික ක්‍රීඩා තරගවලට ළමයි අරන් යන්නේ. ඒ එකකටවත් රුපියලක් ගෙවන්නේ නැතුව දැනට කරගෙන යන ක්‍රීඩාංගණය විවෘත කරන්න මේ රටේ ඇමැතිවරුන්ට රෙදි ඇඳගෙන එන්න පුළුවන්ද.
එක පැත්තකින් අපිට පහර දෙනවා. මේ රටේ ගුරුවරු 46,000ත් නෑ විදුහල්පතිවරු 7,000ත් නෑ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්න බෑ. එහෙම කියන වෙලාවක ඇමැතිවරු එනවා මේවා විවෘත කරන්න.
අපි මේවාට බාධා කරන්න ඕන නෑ. රාජ්‍ය නිලධාරීන්ට උපරිම සහයෝගය දෙන්න ඕන. අපි පාසල් පද්ධතිය අපේ උවමනාව මත පවත්වාගෙන යන්න ඕන. ආණ්ඩුවට මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්න කිසිඳු උවමනාවක් නැහැ. ඒ නිසා අපි වෙනදට වඩා වැඩියෙන් වැඩ කරමු. දරුවන්ට හානියක් වෙන කිසිවක් අපි කරන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න දරුවන්ට හරියට උගන්නන එක.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart