Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාව යනු පිරිමින්ගේ සුරතලිය නොවේ යැයි සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පැවසීය.
පිරිමින් කියන්නා සේ සියල්ල ඉටු කර අවසානයේ කාන්තාව ඉතාම පහත් තත්ත්වයට දමා සැළකීම අද ලෝකයේ සිදුවන දෙයක් බව ද ඇමැතිවරිය සඳහන් කළාය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ බව කියන ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඊයේ (23) පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කරන ලද්දේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව සත්‍ය හෙළිවනු ඇති බවයි.
එහිදී ඇය මෙසේද සඳහන් කළාය.
”මාව අසභ්‍ය වචන කියාගෙන කෑගහන නරකම චරිතයක්, නරකම කාන්තාවක් විදියට සමාජ මාධ්‍යයේ සහ රටේ ජනතාව කුපිත කරන විදියට මාධ්‍ය තුළට මේ වීඩියෝ දර්ශන දාලා තියෙනවා. මම එකේ කිව්වේ මේ පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට ඔය කියන නම් කියන්න බෑ, එහෙම කතා කරන්න බෑ, එහෙම කතා කරන්න මම ඉඩ දෙන්නේ නෑ කියන එක තමයි මම ඔය බැන බැන කියන්නේ.
මම එතන කිසිම අසභ්‍ය දෙයක් දකින්නේ නෑ. මොකද ඒ අසභ්‍ය වචන කිව්වේ ඒ අය. මම ඒ අසභ්‍ය වචන නැවත ඒ අයට මතක්කර දෙමින් කිව්වේ මේවා කාන්තාවන්ට පාවිච්චි කරන්න බැහැ.
රෝහණ බණ්ඩාර කියන නූගත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ පාවිච්චි කළ වචන අපිට පිළිගන්න බෑ. මම හඬ නැගුවේ මේ රටේ සියලුම කාන්තාවන් වෙනුවෙන්. රටේ මේ වගේ දේවල් කතා කරන්න බැහැ. ඒක තමයි එතනින් පෙන්නන්නේ.
මේකේ ඇත්ත සීසීටීවී දර්ශන කථානායක සතුව තියෙනවා. එතකොට මම මේ ඇත්ත සිදුවීමම මම මාධ්‍යට දෙනවා. අන්න එදාට බලාගන්න මේ කතාව කොහොමද, මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. කවුද කාටද පහර දෙන්නේ කියලා.
මේ රෝහණ බණ්ඩාර කියන නූගත් මන්ත්‍රීවරයා එක්ක බහින්බස් වීමක් යන්නේ. අහක හිටපු එයා ඉස්සෙල්ලාම ඇවිත් පත්තර ටිකක් මූනට වනනවා. මම එයාට කියනවා ඔයාට මේක අදාළ නෑ මේකෙන් අයින් වෙන්න දෙවැනි පාර ඇවිත් මගේ හෑන්ඩ් බෑග් එකෙන් අයින් කරලා විසි කරනවා. ආයෙත් මම එයට කිව්වා. තුන්වෙනි පාර ඇවිල්ලා මගේ ඇඟට අත තියනවා. ඒ අයම කළ වීඩියෝ එකේ මේක තියනවා. මගේ ඇඟට අත තිබ්බ වෙලාවේ තමයි මම කියන්නේ මගේ ඇඟට අත තියන්න ඔයාට අයිතියක් නැහැ. මගේ ඇඟට අත තියන්න එපා. එතකොට තමයි එයා ඇයි ගහන්න ඇහුවේ. මම ඒ වෙලාවේ කිව්වේ ගහනවා නෙවෙයි කම්මුල්පාරක් ගහනවා මගේ ඇඟට අත තිබ්බොත් කියලා. ඒ මොහොතේ තමයි පැනලා මගේ බෙල්ලට ගහලා අර විදියට තල්ලු කළේ.
ඒ පිරිමි කියන ජාතියටම නිගා කරන කොට්ඨාසයක්. ඒ නිසා මට කියන්න තියෙන්නේ මේකට නැවත නැවතත් මේ රටේ කාන්තාවෝ ඉඩදියයුතු නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart